ගොඩ කාලෙකින් blog එක පැත්තේ ආවේ ...ඉස්කෝලේ වැඩ නිසා මුකුත් දාන්නත් බැරි උනා අනේ ...ගිටාර් ගැන මන් දන්න දේවල් ටිකක් කියල දෙන්න කියලා හිතුන ....මමත් මේ ටික Google එකෙන් හොයා ගත්තේ ..සමහර ඒවා මන්ම හොයා ගත්තුව ...ඉස්කෝලෙ වැඩ නිසා අලුත් දෙයක් හොයා ගන්නත් බැරි උනා ...
එකයි මේකවත් දාන්න හිතුවේ ...මමත් ලගදි ඉදන් ගිටාර් ගහන්න ගොඩක් ආස උනා ...බලන්නකෝ ඔයාලටත් මේ ටිකෙන් පොඩි හරි දැනුමක් එයිද කියල ....
සමහරුන් නම් මේ ගැන දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න
අයත් ඇතිනෙ.ඒක නිසා හැම දෙයක්ම සරලව කෙටියෙන් පැහැදිලි කරන්නම්.:-)
මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට දැකල පුරුදු ගිටාර් එකක්.මේ වගේ ගිටාර් එකක්
අපි normal box guitar එකක් කියලා හදුන්වනවා.මේක තමයි හුගක් guitaristsලා අතර ජනප්‍රිය.ආධුනිකයෙක්ට මම නම් ආරම්භය ලෙස
අනුමත කරන්නේ මේ ගිටාර් එක.හේතු තමයි අනෙක් ගිටාර් වලට සාපේක්ෂව මිලෙන් අඩු වීමයි,practice කරන එක පහසු වීමයි.
ඒ වගේම මේ ගිටාර් එකේ strings වලට යොදලා තියෙන්නේ යකඩ කම්බි.ඒක නිසා කම්බියක් කැඩුනත් replace කරන්න වැඩි වියදමක් යන්නේ නැහැ.සාමාන්‍යයෙන් මේකක්
රු:5,000-8,000 අතර මිලදී ගන්න පුලුවන්
බැලු බැල්මටම මේ ගිටාර් එකෙයි, කලින් එකෙයි වෙනසක්
නොපෙනෙන්න පුලුවන්.හරියට බැලුවොත් නම් වෙනස පෙනෙයි.;-)දකින්න ඇතිනේ.හරි හරි කොහොම හරි, මේ ගිටාරය හදුන්වන්නේ
classical(ක්ලැසියක්) ගිටාර් එකක් කියලයි.ඇත්තටම ගිටාරයේ
ආරම්භය සිදුවුනේ classical ගිටාර් වලින් කිව්වොත් මම හරි මම හිතන්නේ.කෙසේ වෙතත් classical ගිටාරය කියන්නේ ඇත්තටම වෙනස් ආකාරයක feeling එකක් තියෙන ගිටාර් එකක්.ඒක play කරන විදිය,practice කරන විදිය
අනෙක් ගිටාර් වලට වඩා වෙනස්.ඇත්තටම ඒක වෙනම කලාවක්.(මම මුල් කාලෙ use කලේ box ගිටාර්
එකක්.පස්සේ මම classical ගිටාර් එකක් මිලදී ගත්තා.ඇත්තටම මට ඒක ලැබුනේ පිටරට හිටපු මිතුරෙකුගේ
මාර්ගයෙන්.වර්තමානයේ මම classical guitarist කෙනෙක් වෙන්න ලොකු try එකක් දෙනවා.හැබැයි
ඒක බොහොම අමාරු කටයුත්තක්.මොකද මම box ගිටාරය වාදනය කරන්න ඉගෙන ගත්තේ
තනියෙන්.ඉතින් ඒකට ටිකක් කල් ගියා.හි හි)
කියාගෙන
ආපු දේත් අමතක වුනානේ.මම කිය කිය හිටියේ box ගිටාර් එකෙයි,classical ගිටාර්
එකෙයි වෙනස ගැන.ඒක මෙහෙමයි.මම කලිනුත් කිව්වා box ගිටාර් එකක strings වලට යොදලා
තියෙන්නේ යකඩ කම්බි කියලා.ඒ වගේ තමයි classical ගිටාර් එකක strings වලට යොදලා
තියෙන්නේ nylon නූල්.ඇත්තටම
මේක පැහැදිලිව පේනන තියෙන්නේ strings තුනක විතරයි.අනෙක් strings තුන
පේන්නේ යකඩ කම්බි තුනක් වගේමයි.හැබැයි හරියට බැලුවොත් පෙනෙයි ඒ තියෙන්නේ nylon නූලක්
වටේට යකඩ කම්බියක් ඔතපු strings තුනක් කියලා.හරි.ඔය කිව්වෙ එලියෙන් පෙනෙන වෙනස්කම් ගැනනේ.(තව තියෙනවා,,පස්සේ
කියලා දෙන්නම්...දැනට මේ දැනුම ඇති) අනෙක් වෙනස්කම තමයි ගිටාර් දෙකෙන් නැගෙන
ශබ්දයේ වෙනස.ඇත්තටම classical ගිටාර් එකකින් ඇතිවෙන sound එක මාර classical feeling එකක්
තියෙන sound එකක්.ඒක
අත්විදින්න නම් ගිටාර් එකක් play කරන්නම ඕනේ.මම ඒ වෙනස අත්දැකපු නිසයි කියන්නේ.ඔයාලටත් අවස්ථාවක් ලැබුනොත් play කරලා
බලන්න.ඊට අමතරව ආධුනිකයෙක්ට classical ගිටාර් එකකින් practice කරන එක
මුලදි අමාරු වෙන්න පුලුවන්.ඒකයි මම කිව්වෙ ආධුනිකයෙක්ට වඩා සුදුසු box ගිටාර්
එකක් කියලා.හැබැයි මේක සමහර විට එක් එක් පුද්ගලයා මත depend වෙන්නත්
පුලුවන්.:-)))) ක්ලැසියක් සාමාන්‍යයෙන් රු:10,000-12,000 අතර මිලදී ගන්න පුලුවන්.

ම්ම්ම්..මේ තියෙන්නේ electric ගිටාර් එකක්.මේක ගැනනම් වෘත්තීමය අර්ථ දැක්වීමක් ලබා දෙන්න මට
අමාරුයි.හේතුව තමයි මම වැඩිය electric ගිටාර් එකක් භාවිතා කර නොතිබීම.හැබැයි musical shows වල play
කරන කොට නම් electric ගිටාර් එක use කරල තියෙනවා.හැබැයි ඒක
මම වෘත්තීමය වශයෙන් ප්‍රගුන කරල නැහැ.ඒ වුනත් මා දන්නා තරමින් ඉතාම ඉක්මනින් electric ගිටාර් එක play කරන්න ඉගෙන ගන්න
පුලුවන්.නමුත් අවුලකට තියෙන්නේ මෙහි වටිනාකම තමයි. සාමාන්‍යයෙන් හොද electric ගිටාර් එකක් රු:15,000 ට මෙහායින් හොයා ගන්න වෙන්නේ නැහැ.ඒක විතරක් අරගෙන මදිනේ.තව amp එකකුයි, speaker එකකුයි මිලදී ගන්නත් ඕනි.ඔය සේරම ගන්න කොට අපේ pocket එකත් හිස් වෙලා තියෙයි.හි හි.ගන්න පුලුවන් අය
ගත්තට කමක් නැහැ.;-)අනෙක් අයට මම කියන්නේ box ගිටාර් එකක් ගන්න කියලා.මොකද electric ගිටාර් එකකින් දාන වැඩකිඩ ඔක්කොම box ගිටාර් එකකිනුත් දාන්න පුලුවන්.;-)
එහෙනම් අපි මුලින්ම බලමු ගිටාර් එකක් play කරන්න ලේසි වෙන විදියට අල්ලගන්නේ කොහොමද කියලා(How to hold the guitar).ගිටාර් එකක parts නම් කරල තියෙන විදිය
කට්ටිය දන්නව නෙ.අලුතෙන් බ්ලොග් එකත් එක්ක එකතු වෙන අය පල්ලෙහා image එක බලන්න.
හොදයි.දැන්
පල්ලෙහා තියෙන images දෙක හොදට නිරීක්ෂණය කරන්න
මේක තමයි සාමාන්‍යයෙන් box ගිටාර්
එකක් අල්ලන විදිය.ගිටාර් එකේ box එක දකුණු කකුල උඩ තබාගන්න හින්ද, අත් වලට දැනෙන බර අඩුයි.ඒක නිසා ගිටාර්
එක ප්ලේ කරන එක ගොඩක් පහසු කාර්යයක් වෙනවා.ඒ වගේම තමයි ගිටාර් එකේ neck එක කියන
කොටස හැම තිස්සෙම තිරසට ආනත කරල තියාගෙන play කරන්න ඕනෙ.මේ නිසා වාදකයාගේ වම් අතට
දැනෙන බර හුගක් දුරට අඩු වෙනවා.Chords play කරද්දි හරි, lead parts play කරද්දි
හරි වම් අතට ගිටාර් එකේ බර දැනෙන්න දෙන්න නරකයි.ඒක නිසා හැම තිස්සෙම neck එක තිරසට
ආනත කර තබා ගත යුතු වෙනවා.පල්ලෙහා පෙන්නල තියෙන්නෙත් ඒකම තමයි.:-))
හොදයි.මීලගට අපි මූලික අභ්‍යාස ටිකක්
පුහුණු වෙමු.මේ අභ්‍යාස වලට කලින් හැමෝම දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා.අපි
මුලින්ම ඒ ටික ඉගෙන ගමු.
1).අභ්‍යාස
පුහුණු වීමේ පහසුව සදහා වම් අතේ ඇගිලි අංක කර ගැනීම.
මේක ගොඩක් සරල දෙයක් කියල හැමෝටම තේරෙනවනෙ.ඒක නිසා පල්ලෙහා image එකට අනුව
වම් අතේ ඇගිලි වලට අදාල අංක මතක තියාගන්න.:-)
2). ගිටාර් එකේ fret board එක සහ strings
හදුනාගැනීම.
සාමාන්‍යයෙන් fret board එකක් අංක
කරන්නේ මෙහෙමයි.Guitar chords ඉගෙන ගන්න කොට මේක ගොඩක් වැදගත් වෙනවා.
ඊළගට අපි ගිටාර් එකේ strings හය හදුනගමු.ඊට
කලින් මේ image එක බලල ඉන්න.
සාමාන්‍යයෙන්
අපි ගිටාරය ගැන හදාරන්නේ western notation එකෙන්.ඒක නිසා ස්වර අංකනය ගැන හොද අවබෝධයක් තියාගන්න.:-)
මේ තියෙන්නේ ගිටාර් එකේ open strings වල notation එක."Open" කියල
කියන්නේ fret board එක මත ඇගිලි කිසිවක් තියන්නේ නැතිව, තියෙන විදියටම play කරන
කොටයි.5වෙනි සහ 6වෙනි strings වලින්
එන්නේ base sound එකක්.ඉහත ආකාරයට ස්වර පිහිටන්නෙ ගිටාර් එක හරියට tune කරල
තියෙනවනම් විතරයි.ගිටාරය tune කරන එක
ගැනත් කියන්න ඕනෙ.ආධුනිකයෙක්ට නම් වඩාත් සුදුසු පලපුරුදු කෙනෙක්ට කියල මුලින්ම
ගිටාර් එක tune කරගන්න
එක.ගිටාර් එකක් practice කරද්දි අනිවාර්යයෙන් standard tuning තියෙන්න ඕනෙ.ඒක නිසා මුලදි පලපුරුදු
කෙනෙක්ට කියල tune කරගන්න.
3).Play කරන්න කලින් ගිටාර් එකේ standard tuning තිබේදැයි බැලීම.
මේක මම කලින් කිව්ව වගේ ආරම්භයෙදි පලපුරුදු කෙනෙක් මාර්ගයෙන් කරගන්න.
4).වම් අතින් guitar neck එක අල්ලන අයුරු...
වම් අතේ
ඇගිලි fret board එක මත හැසිරවීම පහසු කරගන්න නම් පහත අයුරින් guitar neck එක
අල්ලන්න ඕනෙ.
මේ විදියට අල්ලන්න එපා.එතකොට ඇගිලි හසුරවන්න ටිකක්
අමාරුයි
5). ගිටාර් pick එක අල්ලන ආකාරය...
Images වල තියෙනව වගේ ඇගිල්ල තියන්න ඕනෙ fret එකක හරි
මැදට විතර වෙන්න.ලොකු බලයක් යොදල strings තද කරන්න එපා.ඒ වගේම තමයි ඇගිල්ල
තිබ්බට පස්සේ pick එකෙන්
අදාල string එක play කරල බලන්න
පැහැදිලි,තියුණු sound එකක්
ඇහෙනවද කියලා.string එක තද කරන
බලය අඩු වැඩි කරල මේක හොයා ගන්න පුලුවන්.
1 රූපය
2 රූපය
3 රූපය
4.රූපය
කහ පාටින්
පෙන්නල තියෙන්නෙ මම උඩදි කිව්ව වගේ වම් අතෙ ඇගිලි වලට අදාල අංක ටික.1 රූපයට
අනුව පැහැදිලි කරනවනම්,, මුලින්ම 6වෙනි string එකේ උඩම fret එක "1" ඇගිල්ලෙන්
තද කරල pick එකෙන් 6වෙනි string එක play කරන්න.ඊට
පස්සේ 6වෙනි string එකේම 2වෙනි fret එක "2" ඇගිල්ලෙන්
තද කරල pick එකෙන් 6වෙනි string එක play කරන්න.ඊට
පස්සේ ඊට පස්සේ 3වෙනි fret එක,,4වෙනි fret එක.මේ
විදියට එක වටයක් ඉවර වුනාම නැවත මුල ඉදල පටන් ගන්න.
මේ විදියට strings හයටම play
කරල practice කරන්න.මුලදි අඩු වේගයකින් play කරන්න.පස්සේ speed එක වැඩි කරල play කරන්න
බලන්න ඔයාලට පුලුවන්ද කියල song play කරන්න ...
[Intro/Inter]
-------------------------------------------------
[|D |Bm |G |A |]
[Chorus]
-------------------------------------------------
Bm F#m
Pathu senehe seyaru mahade thiya
Bm F#m
Andi sithuwam horehin ma langatama thurul wela
G A
HItha pathulata unusum susumak awidin soya
G A Bm
A sehene thamath na heenayak wela....
[Inter 1]
-------------------------------------------------
|D |G |A |- |
|D |Bm |G |A |
|Bm |- |
[Verse 1]
-------------------------------------------------
Bm Gmaj7 Bm
Kolam karan awath hitha yata guli wemin....
Bm Gmaj7 Bm
Himi nowa wadan mathakada nil ahasata tharam...
A
Noninda nethe nawathi nam...
G A Bm
Hitha athin athata awada lan wela...
G A Bm
Api heenen heeneta paatak gawila
[Inter 1]
-------------------------------------------------
|Bm |- |F#m |- |
|Bm |- |F#m |- |
|G |- |A |- |
|G |A |Bm |- |
|G |A |Bm |- |
[Verse 2]
-------------------------------------------------
Bm Gmaj7 Bm
Maayam hithe aadara hanguman thawaramin....
Bm Gmaj7 Bm
Husmak durin nawathunu heti pudumai ithin....
A
Rendena hithe.... susumak tharam...
G A Bm
Sansaarema huru e suwande patalila...
G A Bm
Mage jeewitha gamanata oya nethu ingi kala....
:yes: Sharp & Flat ගැන හරියට තේරුම් ගමු..
C D E F G A B කියන්නේ ___ස රි ග ම ප ධ නි_ කියල අපි දන්නවනේ.එහෙනම් මොකක්ද මේ b&# කියන්නේ. c note එකේ තීවු නෝට් එක C# වේ.
E note එකේ කෝමල නෝට් එක Eb එක වේ..අනිත් එවත් ඒ ආකරයටම තමයි.මේය වැඩි දුරටත්
මෙම key board එකේ ස්වර සලකුනු කර ඇති රූපය බැලිමෙන් තේරුම් ගත හැක.
http://i.picasion.com/resize39/f73b93b8bc827516975b5cd0934104e0.gif
පියානෝවේ සුදු පාට
යතුරු වලින් දැක්වෙන්නේ සාමාන්‍ය ස්වරයි.කළු පාට ඒවා sharp or flat ඒවයි..
මේම රූපයෙ පෙන්වා ඇති key board ඒකේ කළු පට එවා ඔක්කොම ලකුනු කර් අත්තේ
# sharp වලින් පමනයි.
G# කියන්නේ A note ඒකේ flat ඒකයි. D note එකේ # කියන්නේ E note එකේ Flat එකයි..එහේමත් තේරුම් ගන්න..මම මෙහෙමත් ලියන්නම්කෝ එතකොට අවුලක් නැති වේයි..
F# = Gb
G# = Ab
A# = Bb
C# = Db
D# = Eb
ඒ පමනයි.. E වලට sharp (#)note එකකුත් නැහැ.. B වලට sharp
note එකකුත් නැහැ..
ඒ කියන්නේ F වලට සහා C වලට Flat note නැහැ කියන එකම තම්යි. Key board picture ඒකේ E _ F අතර සහ B _ C අතර කළු පාට යතුරු නැති එකෙන් එය පහසුවෙන් තේරුම් ගත හැකියි...(මෙය chords වලටත් අදාලවේ..:yes:
http://i.picasion.com/resize39/163156a195e9260779c24c06bda2793f.jpg
ඔන්න මම ගීටාර් ඒකේ Fretboard Notetion Chart එකක් දැම්මා.ගීටාර් එකේ Fretbord එකේ තියෙන ඔක්කොම notes
ඔයලට මෙකෙන් බලා ගන්න
පුලුවන්..අපි Scale ගැන ඉගෙන ගන්නකොට මේ chart එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා..දැන් ඔයලා ගීටර් එකේ note s තියෙන තැන් මෙකෙන් බලලා ඉගෙන ගන්න..මතක තියා ගන්න උත්සහ කරන්න..ඒ වගේම # & b ගැනත් අවබෝධයක් ගන්න...:yes:
CHORD -ස්වර සංඝාතය:shocked:
අවම වශයෙන් ස්වර
(note) 3 ක් එක විට වාදනය කළ විට ලැබෙන සංයුක්ත හඩට Chord
එකක් නැතහොත් ස්වර
සංඝාතයක් යයි කියනු ලැබේ. chord වර්ග විශාල ප්‍රමාණයක් ඇත. ඒවායින් කීපයක් පහත
දැක්වේ..
1) MAJOR CHORD
2) MINOR CHORD
3) 7Th CHORD
4 )9Th CHORD
5)13Th CHORD
6) AUGMENTED CHORD
7) DIMINISH CHORD …..///////
ආධුනික මට්ටමින්
සංගීතය හදාරන අයට ඉහත CHORD අතරින් MAJOR
,MINOR & 7Th CHORD පමනක්
හැදෑරිම සෑහේ...:yes:
මුලින්ම අපි බලමු MAJOR CHORD එකක් ණිර්මානය වන ආකරය. :shocked:
mejor chordඑකක් සැදෙන්න note 3 ක් ඔනේ කියල මම කිව්ව නේද?.දැන් මම දෙනවා සියලුම major chord වල එවා හැදෙන note
chart එක..ඒකෙන් බලා ගන්න chord එකට අදාල වන note
http://i.picasion.com/resize39/e5f1aca40eb502cc54cd102b4f030e6e.bmp
ගීටාරයක්
වාදනයට ඉගෙන ගැනිමෙදී ප්‍රධන වශයෙන් අංශ 3ක් ප්‍රගුණ
කළ යුතුයි.
(1) STRUMMING
(2) නිවැරදිව chord ඇල්ලීම
(3)රිද්මය
නොබිද මරූව( chord)
Punch & palming ඉහත අභ්‍යසවල නිපුණත්වය ලැබු පසු පුහුණු විය හැක.
STRUMING
මූලික BEAT වර්ග කිහිපයක් පහතින් දැක්වේ.
2/4
3/4
4/4
1/2
6/8
අනෙක්
බෝහෝ BEAT සෑදෙන්නේ ඉහත ඒවා දෙගුණ වීමෙන් හෝ වෙනත්
සාධකයක් සංයුක්ත වීමෙනි.( beat එක ගීතයේ රීද්මයට ගැලපෙන පරිදි වාදකයාට
වෙනස් කර වාදනය කල හැක.) strum කිරිමේදී ශබ්දය වැඩ්යෙන් අවශ්‍යවු විට PICK එකක් භාවිතා කල හැක. BASIC STRUMMING STYLES කිහිපයක පහත රූප සටහන් බලන්න...:lol:
http://i.picasion.com/resize39/9a0f1c49a6e2b85751e86654e71090d5.jpg
http://i.picasion.com/resize39/cc2d7607926ea2c484b9e117800385a5.jpg
http://i.picasion.com/resize39/62f269312b7787df284596d3437cb0e1.jpg
T h u s h
02-28-2011,
08:52 AM
මුලින්ම major
chord වලින් ගීත වදනයට ඉගන ගත යුතුයි. chord
අල්ලන අකාරය දැක්වෙන
රූප සටහන් වල කම්බි ඇල්ලිය යුතු නිවැරදී ඇගිල්ල පෙන්වීමට වම් අතේ ඇගිලී පහත ලෙස
අංකනය කොට ඇත.
http://i.picasion.com/resize39/19c93527b3b517ba61aa207010c60758.jpg
ඒ වගේම chord වල රූප සටහන් වල chord අල්ලන අකාරය හරියටම..බලා ගැනිම සදහා chord එක සමගම එය අල්ලන අකාරය දැක්වෙන photos
දමාඇත. ඒ මගින් ඔබට
වඩත් පැහැදිලිව chord එක සහ chord අල්ලන අකාරය ගැන අදහසක් ලබා ගැනිමට හැකි වේ යැයී මම සිතමි..(ගැටළු තිබේ නම්
දන්වන්න comment කරන අතරම.)
___major chord පහළ රූප සටහන් වලින් බලන්න.. හොදින් පුහුනු වන්න___:nerd:
http://i.picasion.com/resize39/0712e7b4610372ad55d88f2ccd814c07.jpg
http://i.picasion.com/resize39/4a52020756c9636ae93778be064e0ee3.jpg
http://i.picasion.com/resize39/28967a01788ae2e0dd534b1e3bbd6a3c.jpghttp://i.picasion.com/resize39/a6292097fd0add08459a5fd4bdda1a15.jpg
;) Chords 7 ම හොදින් බලාගන්න & පුහුණු වන්න
F chord එක ටිකක් අමාරූ chord එකක් කියල හිතෙන්න පුලුවන් එක නිසා මම හිතුවා F එක ගැන ටිකක් කියන්න..F එකේ පළමු වන ඇගිල්ලෙන් 1 st . Fret ඒකේ තියෙන කම්බී4ම ඇල්ලිය යුතුයි. F
chord එකේ රූප සටහනින් ඔයාලට ඒක බලාගන්න පුලුවන්. 1ඇගීල්ලෙන් මෙහෙම Fret
එකේ කම්බී 4ම තද කිරිම bar ඒකක් යෙදීම කියලා හදුන්වනවා. එහෙම bar chordඑක අල්ලන්න අමාරුනම් පහල කම්බී2ක පමනක් ඇල්ලිය හැකී. පහත රූප සටහනේ ලකුනු කර ඇතී
ආකරයට. මේ 2කම නීවැරදී
http://i.picasion.com/resize39/bab520dc844ebd37082925c9ecf87c86.gif
දැන් ඔයාලා major chord 7 දන්නව. මෙම chord 7 හොදටම Practice
කළ යුතුයි.
ඒ වගෙම chord change එකත් Practice කළ යුතුයි. එහෙම නැතිව song එකක් play කරන්න කොහොමටවත් බැහැ.
ගීත වාදනය කරනකොට chords ගොඩක් changeකරන්න වෙනවනෙ..මම ඔයාලට පොඩි ex.
එකක් කියලා දෙන්නම් chord change කරන්න පුහුනු වෙන්න.
මුලින්ම C එක නිවැරදිව අල්ලා විනාඩ් 3ක් පමන වදනය කරන්න. ප්‍රථමයෙන් වාදනය සදහා 3/4 රීද්මය යොදා ගැනිම සුදුසුයි. දෙවනුව F වාදනය කරන්න..ඊට පසු Gඑකට මරු කරන්න..එහෙම එහෙම chords 3 change කර කර දීගටම පුහුනු වන්න.. 3/4 Beat එකෙන්ම...ඊට පසු D A & G ඊට පසු E
,B &A ඊට පසු F ,C& B ඊට පසු G
,D &C ඊට පසු A ,E D ඊට පසු B , F & E ඔහෝම පුහුනු වන්න.. මෙම මාරුව ඉතාමත් අඩු කාල
අන්තරයකදි කලහැකි වන සේ පුහුණු විය යුතුය.. මෙය ඉවසිමෙන් යුතුව බොහෝ කාලයක් තිස්සේ
කැපවිමෙන් කළ යුතු කර්යයකි. Minor chords & 7th
chords ද මේ අකාරයට පුහුනු විය යුතුයි(එම chords
පසුව මම දෙනව..)ඒ තෙක්
මේම major chord 7 හොදටම පුහුනු වෙන්න... (පුහුණු වීමට ගත කරන කලයේ තරමට ඉක්මනින් හැකියාව
ලබාගත හැකි බව මගේ අදහසයි )මහන්සියේ තරමට තමාළු වැඩ.....එහෙනම් bye.!!! NEXT Lesson එකේදී
හොදට practice කරලා ඉන්න..මේ ටික හරියට practice වෙනකන් NEXT
LESSON ඒකෙ තියෙන ඒවා කරන්න යන්න එපා..හොදද... වැඩෙ හොදනම් comment එකක් දාන්න.තව අර මොනවද:eek: REP කියලා එකක් තියෙන්නෙ.:shocked:.
මමත් මේ ටික හොයා ගත්තුවා ..සමහර ඒවා මගේ ..මෙවෑ ගොඩක් අඩු පාඩු ඇති ...ඊළගට මෙයිට වඩා හොද දෙයක් දෙන්න මන් බලාපොරොතු වෙනවා ඔයාලට ..කොහෙද මේ ස්කොලේ වෙඩත් එක්ක මුකුත් කරන්න බැ නේ ...ඔයාලට වැදගත් වෙයි කියල දැන් මේ මේ ටික ...
එහෙනම් ඊළගට හොද post එකක් එක්ක හමු වෙමු ..........